Posts

Showing posts from 2010

මම Geegain ට කෙටුවෝ ......!

Image
කෙටුවයි කිව්වට හැක් කරේනම් නෑ. එහෙම උවමනාවක් තාම නෑනේ. හැක් කරන්න හිතුනොත් ...?  Geegain කියන්නේ මොකක්ද කියල ඔයාල දන්නවා ඇතිනේ. දන්නේ නැති අය එහෙනම් දැනගන්න Geegain කියන්නේ Advertising Program එකක්, ඒවගේම Search Engine එකක් . හැබැයි මේක ශ්‍රී ලාංකික වැඩසටහනක් කියල නම් ගොඩක් අය දන්නේ නෑ. මෙයාලගේ ප්‍රධාන ඉලක්කයත් ශ්‍රී ලාංකිකයින් තමයි. මගේ කුඩුවටත් මම මෙයාලගේ ads ටිකක් දැම්මා මොකද ඒක එයාලත් හොදයි මටත් හොදයි. හැබැයි මෙයාල scam  කරනවාද කියල නම් මම දන්නේ නෑ.සල්ලි ගෙව්වත් නැතත් මම ads ටිකක් දැම්මා ලංකාවේ දේට උදව්වක් කරන්න ඕනනේ. ඔයාලත්  බ්ලොග් කොටන අයනම් මෙතැන කොටල ගිහින් ලියාපදිංචි වෙන්න. එහෙම නැත්නම් www.geegain.com කියන තැනට ගිහින් Sign up කොටන්න. කැමතිනම් මගේ Refer කෙනෙක් විදිහට යන්න මෙතන කොටන්න. ඔය Refe කෙනෙක් උනා කියල ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නෑ. මට පොඩි ගානක් වැටෙන එ‍ක විතරයි. ඒක ගෙවන්නෙත් Geegain ඔයාගේ ගිණුමෙන් අඩුවෙන්නේ නෑ.  Geegain ගැන Geegain ම කියන්නේ මෙන්න මෙහෙමයි Geegain is a Search Engine that contains millions of Web results and Images. It also contains

දිග එක කොට කරන්න කියාපු හොටක් මේ - Google URL Shortener

Image
දිග එක කොට එක ගැන කියන්න කලින් හැමෝම මට සමාවෙන්න ඕන අලුතින් අත්තක් කොටන්න බැරි උනාට..! මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ඒ නිසා කුඩුව පැත්තේ එන්න බැරි උනා. පෙත්සම් කොටපු අයටත් ප්‍රතිචාරයක් කොටන්න බැරිඋනා නේ. මේ ඔක්කෝටම පිහාටු දාහකට බුදුවෙන්න sorry sorry sorr....y...! මේක මට හම්බ උනාම මේ ගැන අත්තක කෙටුවේ නැත්නම් වැඩක්නැ කියල හිතුනා. කීයක් හරි හොයාගන්න තියෙන අනිත් වැඩ ඔක්කොම පැත්තක තියල ඕන් මම කොටනව මේක. ජංජාලේ තිබිල මට හම්බවුන එළකිරි හොටක් තමයි මේ  Google URL Shortener කියන්නේ. Google ඒකෙන් දුන්නොත් ඉතින් එලකිරි හොටක්ම තමයි. URL කියන්නේ Uniform Resource Locator කියන එකට කියල දන්නව ඇතිනේ? මේ හොටෙන් කරන්නේ දිගම දිග URL කොටම කොට URL කරන එකයි. පොඩි දෙයක් උනාට සැහෙන්න වටිනවා. Site වලට Reference එහෙම දානකොට ඕන වෙයි නේ? කරන්න තියෙන්නේ මෙච්චරයි, ඔයාගේ Google Account ගිණුමට Log වෙන්න. නැත්තම් එකක් හදාගන්න වෙනවා.Google Account එකක් නැති උනත් URL එ‍ක කොට කරලා දෙනවා හැබැයි ඒURL එක ආයිත් හොයන්න වත් හම්බවෙන්නේ නෑ. ඒනිසා Google Account එකක් තියෙන්නම ඕන. ඊට පස්සේ මෙතන කොටල හරි  http://goo.gl  මෙතනින

බළලුන්ලවා spam කොටමුද? - පළමු කෙටිම.

Image
අපේ ගොඩක් අය කරන්නේ ඉතිං බළල්ලුලවා කොස් ඇට බාවන එකනේ . එත් මම අද “බළලුන්ලවා spam කොටන්නේ කොහොමද ?” කියල ඔයාලට කොටන්නම් . තේරුනේ නැද්ද ? බොහොම සරලව කෙටුවොත් මේ කොටන්න යන්නේ හරිම ලේසියෙන් අනුන්ගේ නම විකුණල අනුන්ගේ නමින් අනුන්ගේ email address එකක් පාවිචිකරලා අපිව අහුවෙන්නේ නැතිව spam යවන හැටි . දෙන්නෙක් තුන්දෙනෙක් කොටවල ගම ගිනි තියන්න කියාපු ක්‍රමේ . ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ spam කියන්නේ කියල . හැක් කරන ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි මේ spam කොටන එක . ගොඩක් අය දන්නවත් ඇති මේගැන , නොදන්න අයට දැනගන්න මම මෙතන කොටන්නම්කෝ .spam කියන්නේ එකම email එකක්‌ එකම email ගිණුමකට නැවත නැවත් යැවීම , එකම  email එක email ගිණුම් කිහිපයකට යැවීම හා නැවත හරවා යැවීම හෝ මේ ක්‍රියා දෙකම එකවර සිදුකිරීම කියල සරලව කොටන්න පුළුවන් . දැන් බලනව ඇති අපේ email ගිණුමේ තියෙන cc හා bcc කියන අංග පාවිච්චි කිරීමත් spam ද ? කියල . බයවෙන්න එපා එක එහෙම නෙවෙයි . යහපත් අරමුණෙන් තමන්ගේ යාලුවන්ගේ ගිණුම් වලට email යැවීම spam කෙටීමක් වෙන්න නැ . spam කෙටීමෙන් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙ වෙළද ප්‍රවර්දන කටයුතු . ඒ වගේම හුදෙක් විනෝදයටත් sp

සිංහල කොටන්න අමාරුද? මෙන්න හොට

Image
සිංහල බ්ලොග් කොටන ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද ලේසියෙන් සිංහල කොටන්නෙ කියනඑක . ගොඩක් අය මේකට සිංග්‍රීසි පාවිච්චි කරනවා . ඒ කිවුවේ සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරලා කොටන එක . මටත් මේ ප්‍රශ්නය තිබුණා . මුලින්ම මම දාපු බෙහෙත තමයි සගරාවක තිබුන සිංහල අකුරු ටිකක් කපල කීබෝඩ් එකේ අලවපුඑක . ඒත් ටිකදවසක්‌ යනකොට ඒවා ගැලවිලා ගියා .  ඊට පස්සේ මට හම්බඋනා singreesi unicode කියල නියම සිංග්‍රීසි හොටක් . http://singreesi.vndv.com/ මෙතනින් ඒක බාගන්න පුළුවන් . මේක හදල තියෙන්නේ මොරටුව කැම්පස් එකේ හිටපු තමීරා ප්‍රියදර්ශි සේනානායක කියල කෙනෙක් . මේ හොට වැඩ කරන්නේ වින්ඩෝස් වල විතරයි . ඔයාලත් දාගෙන බලන්නකෝ . මට ටික දවසක් යනකොට මේ හොටත් එපා උනා . හේතුව තමයි මේකෙන් ලිනක්ස් වලදී කොටන්න බැරි ඒක .මම නිතරම පාවිච්චි කරන්නේ ලිනක්ස්නේ. දවසක් නංනත්තර වෙලා ජංජාලේ තටු ගහන අතරේ මට හම්බඋනා නියම හොටක් . හැබැයි මේක වැඩකරන්නේ online විතරයි . ඒ උනාට මේ හොට වින්ඩෝස් වලත් ලිනක්ස් වලත් හොදට වැඩකරනවා . http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html මේ පාරෙන් ගිහිල්ල හොට ගන්න පුළුවන් . මේ හොට

ජංජාලයෙ නොමිලේ කුඩු හදන්න - Free web hosting

Image
ජංජාලයෙ නොමිලේ කුඩු හදන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කෙටුවේ වෙබ්හොස්ට් කරන්න.මමත් මෙතන කුඩුවක් හදල තියෙන්නේ. ඒකෙ නම නම්  මෙතන කොටන්න බෑ. කොහොම උනත් මේගොල්ලෝ නොමිලේ ගොඩක් පහසුකම් දෙනව. ඒ වගේම පාලක පුවරුවත් (c  Panal) බොහොම සරලව තියෙනව. පහළ තියෙනව ලැබෙන පහසුකම් වලින් ටිකක්, වැඩිවිස්තර ඕනනම්  මෙතන  කොටන්න. We can offer you a free web hosting package packed with advanced features for  hosting & building professional dynamic websites. We provide secure free web  space with all the web hosting tools you could possibly ever need. 000webhost Free package includes: Register now : - Free cPanel Web Hosting with PHP5/Mysql - no advertising! - 1500 MB of Disk Space, 100 GB Bandwidth  - Host your own domain (http://www.yourdomain.com) - cPanel Powered Hosting (you will love it) - Over 500 website templates ready to download - Easy to use website builder - Free POP3 Email Box with Webmail access - FTP and Web based File Manager  - PHP, MySQL, Perl, CGI, Ruby. - And many

මුලින්ම කොටපු ගහ

Image
මුලින්ම ආයුබෝවන් කිව්ව ඔන්න හැමෝටම.එක සිංහල සිරිතනේ. මම ගැන කියනවනම් මම ලංකාවෙ ඉන්න එක පොඩි හැකර් කෙනෙක් මගේ නම K.G.K.හැකර් කොට්ටෝරුවා. ඒ කියන්නෙ කෙහෙල් ගහට කෙටුවාගේ හැකර් කොට්ටෝරුවා කියන එකනෙ. මගේ වාසගම හැදුන හැටිත් කියන්නම්කො, මගේ සීයගේත්  සීයගේත් සීයගේත් සීයා හොට එහෙම හොදට 'උලට' තියෙන කාලෙ පෙරේතකමට ගහෙන් බාපුව කලයක් තනියම හිස්කොරල වැල දාගෙන ගෙදර එන අතරේ "සුරූපී බඩ්ඩක්" කියල හිතාගෙන කෙහෙල් ගහකට කොටල කොටල හොටපටල ගත්තලු! එදා ඉදලා පරම්පරාවෙන් පරම්පරාවට ආපු වාසගම තමයි ඔය. මම ඕක වෙනස් කරන්නයි හිතන් ඉන්නෙ.ඒක මම පැටලුනහම කරන්නම්කෝ. කොහොම උනත් ඔයාල මට "හැකර් කොට්ටෝරුවා" හරි නැත්නම් නිකම්ම නිකන් "කොට්ටෝරුවා" කියන්න ඒක ලේසියිනෙ. මම මේ කූඩුවේ කොටන්න හිතන් ඉන්නෙ 'කොහොමද කොම්පියුටර් හැක් කරන්නෙ? ' කියල. ඒත් ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවලුත් මේකෙ කොටල දාන්නම්කො! ඒක ඉතින් ඔයාලගෙ කැමැත්ත මත තමයි තීරණය වෙන්නෙ. ඔයාල මේ කූඩුවට ආවොත් ප්‍රතිචාරයක් කොටල යන්න අමතක කරන්න එපා. වැදගත් දෙයක් තියෙනවා කොටන්න. ඒ තමයි මම කියන කියන විදිහට කොටන්න ගිහින් හොට එහෙ