දිග එක කොට කරන්න කියාපු හොටක් මේ - Google URL Shortener

දිග එක කොට එක ගැන කියන්න කලින් හැමෝම මට සමාවෙන්න ඕන අලුතින් අත්තක් කොටන්න බැරි උනාට..! මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ඒ නිසා කුඩුව පැත්තේ එන්න බැරි උනා. පෙත්සම් කොටපු අයටත් ප්‍රතිචාරයක් කොටන්න බැරිඋනා නේ. මේ ඔක්කෝටම පිහාටු දාහකට බුදුවෙන්න sorry sorry sorr....y...!


මේක මට හම්බ උනාම මේ ගැන අත්තක කෙටුවේ නැත්නම් වැඩක්නැ කියල හිතුනා. කීයක් හරි හොයාගන්න තියෙන අනිත් වැඩ ඔක්කොම පැත්තක තියල ඕන් මම කොටනව මේක.

ජංජාලේ තිබිල මට හම්බවුන එළකිරි හොටක් තමයි මේ  Google URL Shortener කියන්නේ. Google ඒකෙන් දුන්නොත් ඉතින් එලකිරි හොටක්ම තමයි. URL කියන්නේ Uniform Resource Locator කියන එකට කියල දන්නව ඇතිනේ? මේ හොටෙන් කරන්නේ දිගම දිග URL කොටම කොට URL කරන එකයි. පොඩි දෙයක් උනාට සැහෙන්න වටිනවා. Site වලට Reference එහෙම දානකොට ඕන වෙයි නේ?

කරන්න තියෙන්නේ මෙච්චරයි, ඔයාගේ Google Account ගිණුමට Log වෙන්න. නැත්තම් එකක් හදාගන්න වෙනවා.Google Account එකක් නැති උනත් URL එ‍ක කොට කරලා දෙනවා හැබැයි ඒURL එක ආයිත් හොයන්න වත් හම්බවෙන්නේ නෑ. ඒනිසා Google Account එකක් තියෙන්නම ඕන.

ඊට පස්සේ මෙතන කොටල හරි http://goo.gl මෙතනින් හරි goo.gl Home page එකට යන්න.එතන තියෙන Login කියන තැනට කොටන්න.


දැන් ඔයා Google Account එකට Log වෙලා නැත්නම් මෙතනදි Email එකයි Password එකයි දීල Log වෙන්න.ඔයා Google Account එකට Log වෙලා නම් මෙතැනදී එක Password දීල Log වෙන්න.දැන් ඉතින් දිග ඒවා කොට කරන වැඩේ පටන්ගන්න පුළුවන්.


Paste your long URL here: කියන තැනට යටින් තියෙන සුදු කොටුවෙ ඔයාගේ දිග එක
(මම කිව්වේ URL එක) ඇතුලත් කරන්න. ඊට පස්සේ ඔය Shorten කියන තැනට කොටන්න.
එච්චරයි. දැන් ඉතින් ඔයාගේ දිග එක කොට වෙලා යටින් තියෙන List එකේ පෙන්නාවි
 එක අරගෙන ඕන තැනකට දාගන්න. දිග එක වගේම කොට එකත් එකම විදිහට වැඩ කරනවා. 


List එකේ URL එක ඉදිරියෙන් තියෙන Details කියන තැන කෙටුවොත් තව පොඩි විස්තරයක් ගන්න පුළුවන්, Clicks ගණන,Traffic sources, Referrers, Visitor Countries, Visitor Browsers, Visitor Platforms වගේ දේවල්.


ඔයාට ඕනතරමක් දිග ඒවා කොට කරගන්න පුළුවන්.ඔයාට ඕනෑම වෙලාවක මේ ගිණුම Access කරන්න Google Account එකට Log වෙලා My Products යටතේ තියෙන Google URL Shortener කියන Link එකට කොටන්න.

අදට ඔය දිග ඒවා කොට කරපු හරිය ඇතිනේ.මේ අත්තේ ඔයාට වැදගත් දෙයක් එහෙම තිබුනනම් පෙත්සමක් කොටල යන්න අමතක කරන්න එපා.මට බැනල උනත් කමක් නෑ.පෙත්සම් කොටන කොට ඔය 'මොකෙක්ද එකෙක්' වෙන්න එපා. නමක් මොකක්හරි දාන්න.

Comments

  1. අලේ මේ ගැන මම කලින් ලිපියක් දාල තියෙනවනෙ.
    http://babalokaya.blogspot.com/2010/10/gooogle-url-shortner.html

    ReplyDelete
  2. සමාවෙන්න ඕන 'ගාමින්ද ඉෂාර' කොට්ටෝරුවෝ..!මම ඒක දැක්කේ නෑ.මට මේක හම්බ උනේ Google search වලින්.දිග ඒවා කොට කරන හොටක් හොයද්දි.

    ReplyDelete
  3. එල තව තිනෙවා ඔය වගේ සයිට්

    ReplyDelete
  4. http://geega.in කියන්නේ Geegain Advertising Program එකෙන් දෙන අමතර සේවයක්.http://geega.in/2bMU එකෙන් ගිහින් Register වෙන්න.පෙත්සමක් කෙටුවට ස්තුතියි.ඒත් නමත් දැම්මනම් තමයි හොද.

    ReplyDelete

Post a Comment

පෙත්සම මෙතන කොටන්න - Peck Petition Here

Popular Pecked

සිංහල කොටන්න අමාරුද? මෙන්න හොට

මම Geegain ට කෙටුවෝ ......!

බළලුන්ලවා spam කොටමුද? - පළමු කෙටිම.