Posts

Showing posts from October, 2010

මුලින්ම කොටපු ගහ

Image
මුලින්ම ආයුබෝවන් කිව්ව ඔන්න හැමෝටම.එක සිංහල සිරිතනේ. මම ගැන කියනවනම් මම ලංකාවෙ ඉන්න එක පොඩි හැකර් කෙනෙක් මගේ නම K.G.K.හැකර් කොට්ටෝරුවා. ඒ කියන්නෙ කෙහෙල් ගහට කෙටුවාගේ හැකර් කොට්ටෝරුවා කියන එකනෙ. මගේ වාසගම හැදුන හැටිත් කියන්නම්කො, මගේ සීයගේත්  සීයගේත් සීයගේත් සීයා හොට එහෙම හොදට 'උලට' තියෙන කාලෙ පෙරේතකමට ගහෙන් බාපුව කලයක් තනියම හිස්කොරල වැල දාගෙන ගෙදර එන අතරේ "සුරූපී බඩ්ඩක්" කියල හිතාගෙන කෙහෙල් ගහකට කොටල කොටල හොටපටල ගත්තලු! එදා ඉදලා පරම්පරාවෙන් පරම්පරාවට ආපු වාසගම තමයි ඔය. මම ඕක වෙනස් කරන්නයි හිතන් ඉන්නෙ.ඒක මම පැටලුනහම කරන්නම්කෝ. කොහොම උනත් ඔයාල මට "හැකර් කොට්ටෝරුවා" හරි නැත්නම් නිකම්ම නිකන් "කොට්ටෝරුවා" කියන්න ඒක ලේසියිනෙ. මම මේ කූඩුවේ කොටන්න හිතන් ඉන්නෙ 'කොහොමද කොම්පියුටර් හැක් කරන්නෙ? ' කියල. ඒත් ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවලුත් මේකෙ කොටල දාන්නම්කො! ඒක ඉතින් ඔයාලගෙ කැමැත්ත මත තමයි තීරණය වෙන්නෙ. ඔයාල මේ කූඩුවට ආවොත් ප්‍රතිචාරයක් කොටල යන්න අමතක කරන්න එපා. වැදගත් දෙයක් තියෙනවා කොටන්න. ඒ තමයි මම කියන කියන විදිහට කොටන්න ගිහින් හොට එහෙ