බළලුන්ලවා spam කොටමුද? - පළමු කෙටිම.

අපේ ගොඩක් අය කරන්නේ ඉතිං බළල්ලුලවා කොස් ඇට බාවන එකනේ. එත් මම අද “බළලුන්ලවා spam කොටන්නේ කොහොමද?” කියල ඔයාලට කොටන්නම්. තේරුනේ නැද්ද? බොහොම සරලව කෙටුවොත් මේ කොටන්න යන්නේ හරිම ලේසියෙන් අනුන්ගේ නම විකුණල අනුන්ගේ නමින් අනුන්ගේ email address එකක් පාවිචිකරලා අපිව අහුවෙන්නේ නැතිව spam යවන හැටි.දෙන්නෙක් තුන්දෙනෙක් කොටවල ගම ගිනි තියන්න කියාපු ක්‍රමේ.

ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ spam කියන්නේ කියල.හැක් කරන ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි මේ spam කොටන එක. ගොඩක් අය දන්නවත් ඇති මේගැන,නොදන්න අයට දැනගන්න මම මෙතන කොටන්නම්කෝ.spam කියන්නේ එකම email එකක්‌ එකම email ගිණුමකට නැවත නැවත් යැවීම , එකම email එක email ගිණුම් කිහිපයකට යැවීම හා නැවත හරවා යැවීම හෝ මේ ක්‍රියා දෙකම එකවර සිදුකිරීම කියල සරලව කොටන්න පුළුවන්. දැන් බලනව ඇති අපේ email ගිණුමේ තියෙන cc හා bcc කියන අංග පාවිච්චි කිරීමත් spam ? කියල. බයවෙන්න එපා එක එහෙම නෙවෙයි. යහපත් අරමුණෙන් තමන්ගේ යාලුවන්ගේ ගිණුම් වලට email යැවීම spam කෙටීමක් වෙන්න නැ.

spam කෙටීමෙන් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙ වෙළද ප්‍රවර්දන කටයුතු. ඒ වගේම හුදෙක් විනෝදයටත් spam කොටනවා. ජංජාලෙ තියෙන තදබදයට සියයට හතලිහක්ම මේ spam තමයි වගකියන්න ඕන. තව සියයට හතළිහකට විතර torrents dounload කරන අය වගකියනවා. කොහොම උනත් විශේෂයෙන් කොටන්න ඕන spam කොටන එක නම් එච්චර හොද වැඩක් නෙවෙයි. මම මේතන හොද නරක කියල දෙන්න යන්නේ නෑ.

පෙරපාසල් ක්‍රමයට spam කිරීම.
ඒක හරිමලේසියි. හැම දෙනාම වගේ කරන්නේ මොකක් හරි නමකින් ඊමේල් එකවුන්ට් (නොමිලේ දෙන gmail වගේ ) එකක් හදාගෙන කොහෙන් හරි ඊමේල් ලිපින ටිකකුත් හොයාගෙන spam කරන එක. කම්මැලි කමේ ඉන්නකොට කරන්න නියම වැඩේ. හැබැයි මම කොටන විසිහට වෙනම ගිණුම් හදාගෙන ලී කුඩු කාගෙන හත්පොලේ ගාගෙන චාටර් කන්න ඕන නෑ. මොකද අපි spam කොටන්නේ අනුන්ගේ ගෙදර ඉදන්නේ. තේරුනේ නැද්ද? ලෙසියන්ම කෙටුවොත් අපි spam කොටන්නේ අනුන්ගේ නමකින්, අනුන්ගේ email address එකකින්නේ. උදාහරණයක්‌ විදිහට කිව්වොත් ඇමරිකාවේ ජනාධිපති ඔබාමාගෙන් හරි ලංකාවේ ජනාධිපති මහින්දගෙන් හරි email එකක් යැව්වොත්! කොහොමද වැඩේ!

අපි කෙලින්ම වැඩේට බහිමු.

කොටන්න පෙර සිතා බැලීම.
වැදගත්:- ඔබ විසින් සිදුකරනු ලබන කිසිදු ක්‍රියාවකට/අපරාධයකට හා/හෝ සිදුවන හානියකට නිත්‍යානුකුලව හෝ මොනයම් ආකාරයකට හෝ බැදීමක්/වගකීමක් 'හැකර් කොට්ටෝරුවා' වශයෙන් මා හට නොමැත. ඔබ විසින් සිදුකරන ක්‍රියාව/ක්‍රියාවන්හි ප්‍රතිපල/හානි පිලිබදව අවදානම/වගකීම ඔබ විසින් දැරිය යුතුයි. අධ්‍යාපනික වශයෙන් අධ්‍යයනය සදහා පමණි.

හොට උල් කිරීම සහ පෙර සූදානම.

මුලින්ම අලුත් හොටක් අරගන්න. ඒ කෙටුවේ අලුත් keyboard එකක් ගන්න කියලයි.මොකද කොටල කොටල ඕක ගෙවෙනවනේ! එහෙමත් නැත්තම් කොහේ හරි කොටල තියෙන බයිල කුරුටුගීයක් copy paste කරලා තියාගන්නකෝ!

කොටන්න සුදුසු ගස් සොයාගැනීම.( කෙහෙල් ගස් එහෙම අතඅරින්න එපා! හික්..!)
ගස් කියල කෙටුවෙ ඔය spam යවන්න email address නේ. ගස් හොයන එකනම් හරිම ලේසියි.
ලේසිම වැඩේ email address වෙන්දේසි කරුවෙකුගෙන් මිලටගැනීම, email address generator හෝ email address collecter වගේ මෘදුකාංග පාවිච්චි කිරීම වගේ දේවල්තමයි.දැනට ඔය කොහේ හරි තියෙන ගස් ටිකක් ගන්නකෝ කොහොම උනත් අපිට ගොඩක් ගස් ඕනවෙන්නේ නෑමොකද මම පළමු අදියරේදී කියල දෙන්නේ එක ගහකට එ‍ක පාරක් කොටන හැටිනේ.දෙවෙනි අත්තෙන් මම කියල දෙන්නම්කෝ ගස් හොයාගන්න ලෙසික්‍රම.

පළමු පහර හෙවත් පළමු කෙටිම.
හරිම ලේසියි,කොටන්න තියෙන ගස් ටිකයි කොටන්න තියෙන දේවල් ටිකයි අරගෙන මෙතනට කොටන්න. එතකොට http://hackerkottoruwa.x10.mx/emailhota/ කියන තැනට යන්න පුළුවන්. එතන තියෙනව ඕන කරන දේවල් ඔක්කොම.


දෙවන පහර හෙවත් දෙවන කෙටිම.
දෙවන පහර කොටන්නේ ඉතින් කොට්ටෝරුවන්ගේ පෙත්සම් වල කියන විදිහට තමයි. ඒ කෙටුවේ ඔය කොට්ටෝරුවෝ යටතේ ඉදගෙන හැකර් කොට්ටෝරුව පස්සෙන් පිහාබන ඔය fllowers කියන අය පෙත්සම් වල කොටලා කරලා මට එවල තියෙන විදිහ තමයි. මට පෙත්සම් එවන්න hackerkottoruwa@gmail.com කියන ලිපිනය පාවිච්චිකරන්න පුළුවන්. emailhota පාවිච්චි කරලා එවන්න එපා. මොකද මම ඒක පෙරලයි( filter)තියෙන්නේ ඒ නිසා මට ඉමේල්හොටෙන් එවන ඒවා ලැබෙන්නේ නෑ.

තව කොටන්න තියෙන අතු
  • එකවර ගස් කිහිපයකට කොටන හැටි.ඒ කෙටුවේ එකම පොත එකපාර කිහිප දෙනෙකුට කොටන හැටිනේතාම ඒ පහසුකම දීල නැනේ.ඔක්කොම එකපාර දුන්නහම අගයක් නෑ.
  • කොටන්න ගස් සොයා ගන්න හැටි.
  • නංගි පෙන්නා අක්කා දීම. ඒ කෙටුවේ spam කියල නොදැනෙන්න spam කොටන හැටි දැන් යන mail ඔක්කොම යන්නේ spam box එකටනේ.
  • Spam එකක් හරහා virus බෝකරන හැටි.
  • Spam කිරීමේදී සැලකිය යුතු කරුණු.
  • Spam වලින් ආරක්‍ෂා වෙන හැටි.

මේ වගේ තවත් ගොඩක් දේවල් තියෙනව.ඒත් ඉතිං ඒව දැනගන්න නම් කොට්ටෝරුවෙක් වෙන්නම ඕන. තව වැදගත් දෙයක් තියෙනව කොටන්න. ඒ තමයි ඊමේල් හොටේ (emailhota) මුලික කේත සටහන් (source code) ඕන කෙනෙක් ඉන්නවානම් මම ඒවා නොමිලේම දෙන්නම් හැබැයි කොට්ටෝරුවෙක් වෙලා මට පෙස්සමක ඉල්ලීමක් කොටල එවන අයට විතරයි.

හරිනේ එහෙනම් spam කොටලා හොද නරක කියල මට පෙත්සමක් කොටලයන්න අමතක කරන්න එපා.

Comments

  1. වටිනවා ... , ලිපිය දිගටම ලියන්නනකෝ ....

    ReplyDelete
  2. වඩෙනම් වටිනවා සහෝ ..පුලුවන්නම් ඉතින් අපිටත් ඔය cඔඩින් ටික එවන්නකෝ එහෙනම් ජය වෙවා...

    ReplyDelete
  3. සෝස්කෝඩ්ස් සෝස්කෝඩ්ස් සෝස්කෝඩ්ස් :)

    ReplyDelete
  4. අපිටත් ඔය සෝස්කෝඩ් ද මොනවද එක එවන්නකෝ :D

    ReplyDelete
  5. දිගටම කොටව්වානම් තමා වටින්නේ..

    ReplyDelete

Post a Comment

පෙත්සම මෙතන කොටන්න - Peck Petition Here

Popular Pecked

සිංහල කොටන්න අමාරුද? මෙන්න හොට

මම Geegain ට කෙටුවෝ ......!