About Me

"Never Stop Learning! Learning is  Your Brain's only Lubrication"
>> කොටන මම ගැන >>
මම ගැන කියනවනම් මම ලංකාවෙ ඉන්න එක පොඩි හැකර් කෙනෙක් මගේ නම K.G.K.හැකර් කොට්ටෝරුවා.ඒ කියන්නෙ කෙහෙල් ගහට කෙටුවාගේ හැකර් කොට්ටෝරුවා කියන එකනෙ. මගේ වාසගම හැදුන හැටිත් කියන්නම්කො, මගේ සීයගේත්  සීයගේත් සීයගේත් සීයා හොට එහෙම හොදට උලට තියෙන කාලෙ පෙරේතකමට ගහෙන් බාපුව කලයක් තනියම හිස්කොරල වැල දාගෙන ගෙදර එන අතරේ "සුරූපී බඩ්ඩක්" කියල හිතාගෙන කෙහෙල් ගහකට කොටල කොටල හොටපටල ගත්තලු! එදා ඉදලා පරම්පරාවෙන් පරම්පරාවට ආපු වාසගම තමයි ඔය. මම ඕක වෙනස් කරන්නයි හිතන් ඉන්නෙ.ඒක මම පැටලුනහම කරන්නම්කෝ. කොහොම උනත් ඔයාල මට නිකම්ම "හැකර් කොට්ටෝරුව" කියන්න ඒක ලේසියිනෙ.


>> කොටන දේවල් ගැන >>
'හැකර් කොට්ටෝරුවා' ගෙන් කොම්පියුටර් හැක් කරන හැටි ඉගෙන ගන්න...! හැබැයි මම කියන කියන විදිහට කොටන්න ගිහින් හොට පටලවා ගත්තොත් ඔන්න මමනම් වගකියන්නේ නෑ! ඒවා තමන්ම බේරගන්න ඕන. හැබැයි උදව්වක් ඉල්ලුවොත් මම සලකල බලන්නම්. ඒත් සම්පුර්ණ වගකීම ඔයාම බාරගන්න ඕන. පොටෝකොපි ගහන එකනම් මහ කැත වැඩක්. මේ කූඩුවේ තියෙන ඒවා ඔයාට ඕන විදිහට පොටෝකොපි කරන්න පුළුවන්. හැබැයි ඒක කොන්දේසියකට යටත්ව.ඒ තමයි පොටෝකොපි කරපු එක ලගින් මේ කූඩුවේ සබැදියක් (Link) එකක් දාන එක. තවත් පැහැදිලිව කොටනවනම් උපුටාගත්තේ අහවලාගෙ කූඩුවෙන් කියල කියන්න ඕන.



>> මම කැමති දේවල් ටිකක් >>
Virus,Hacking,Spam,Computer Security Systems,Network System,Encryption System,LINUX and Windows X System,Reverse Engineering Technology and More...


>> වැදගත්ම දේ >>

ඔබ විසින් සිදුකරනු ලබන කිසිදු ක්‍රියාවකට/අපරාධයකට හා/හෝ සිදුවන හානියකට නිත්‍යානුකුලව හෝ මොනයම් ආකාරයකට හෝ බැදීමක්/වගකීමක් 'හැකර් කොට්ටෝරුවා' වශයෙන් මා හට නොමැත. ඔබ විසින් සිදුකරන ක්‍රියාව/ක්‍රියාවන්හි ප්‍රතිපල/හානි පිලිබදව අවදානම/වගකීම ඔබ විසින් දැරිය යුතුයි. අධ්‍යාපනික වශයෙන් අධ්‍යයනය සදහා පමණි.

Popular Pecked

සිංහල කොටන්න අමාරුද? මෙන්න හොට

මම Geegain ට කෙටුවෝ ......!

බළලුන්ලවා spam කොටමුද? - පළමු කෙටිම.