Posts

Featured Peck

HAPPY NEW YEAR 2011

Image
ලබන්නාවූ 2011 නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා! වැඩිය දේවල් කොටන්න අමාරුයි.මොකද බෝතල් කල කිරි/පැණි බීපු නිසා ටිකක් හොට ඇදවෙලා තියෙන්නේ.sorry හොදේ.හරියටම රෑ 12 ට මම නෑවා ගිය අවුරුද්දෙ පවු හේදෙන්න කියලා. ඊට පස්සේ ටිකක් හොට කෙලින් උන නිසා මේක කෙටුවේ. මේක එව්වේ ඉලංදාරි කොට්ටෝරුවා හොදයිනේ. යනමග ඉදිරියට ගල් බොරලු ඇනී නවතනු නොහැක අපියන ගමන නිමී ධෛය්‍ර්‍ අරන් හිස උඩ තබා ගනී යමු අපි ඉදිරියට ජයමග සොයා නිමි නින්දා අපහාස ගල් මුල් මල් වෙන්න යනමග බොරලු ගිලිලා වෙල්වට් වෙන්න හිත ඇති හැමදෙම හෙට ලොව රජයන්න ජය බිම දකිමු එතකන් ඉවසන්න උදාවන නව වසර .. සියලු පෑතුම් ඉටුවන වාසනවන්ත සුබ නව වසරක් වෙවා  !!!!!!!!......

මම Geegain ට කෙටුවෝ ......!

Image
කෙටුවයි කිව්වට හැක් කරේනම් නෑ. එහෙම උවමනාවක් තාම නෑනේ. හැක් කරන්න හිතුනොත් ...?  Geegain කියන්නේ මොකක්ද කියල ඔයාල දන්නවා ඇතිනේ. දන්නේ නැති අය එහෙනම් දැනගන්න Geegain කියන්නේ Advertising Program එකක්, ඒවගේම Search Engine එකක් . හැබැයි මේක ශ්‍රී ලාංකික වැඩසටහනක් කියල නම් ගොඩක් අය දන්නේ නෑ. මෙයාලගේ ප්‍රධාන ඉලක්කයත් ශ්‍රී ලාංකිකයින් තමයි. මගේ කුඩුවටත් මම මෙයාලගේ ads ටිකක් දැම්මා මොකද ඒක එයාලත් හොදයි මටත් හොදයි. හැබැයි මෙයාල scam  කරනවාද කියල නම් මම දන්නේ නෑ.සල්ලි ගෙව්වත් නැතත් මම ads ටිකක් දැම්මා ලංකාවේ දේට උදව්වක් කරන්න ඕනනේ. ඔයාලත්  බ්ලොග් කොටන අයනම් මෙතැන කොටල ගිහින් ලියාපදිංචි වෙන්න. එහෙම නැත්නම් www.geegain.com කියන තැනට ගිහින් Sign up කොටන්න. කැමතිනම් මගේ Refer කෙනෙක් විදිහට යන්න මෙතන කොටන්න. ඔය Refe කෙනෙක් උනා කියල ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නෑ. මට පොඩි ගානක් වැටෙන එ‍ක විතරයි. ඒක ගෙවන්නෙත් Geegain ඔයාගේ ගිණුමෙන් අඩුවෙන්නේ නෑ.  Geegain ගැන Geegain ම කියන්නේ මෙන්න මෙහෙමයි Geegain is a Search Engine that contains millions of Web results and Images. It also contains

දිග එක කොට කරන්න කියාපු හොටක් මේ - Google URL Shortener

Image
දිග එක කොට එක ගැන කියන්න කලින් හැමෝම මට සමාවෙන්න ඕන අලුතින් අත්තක් කොටන්න බැරි උනාට..! මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ඒ නිසා කුඩුව පැත්තේ එන්න බැරි උනා. පෙත්සම් කොටපු අයටත් ප්‍රතිචාරයක් කොටන්න බැරිඋනා නේ. මේ ඔක්කෝටම පිහාටු දාහකට බුදුවෙන්න sorry sorry sorr....y...! මේක මට හම්බ උනාම මේ ගැන අත්තක කෙටුවේ නැත්නම් වැඩක්නැ කියල හිතුනා. කීයක් හරි හොයාගන්න තියෙන අනිත් වැඩ ඔක්කොම පැත්තක තියල ඕන් මම කොටනව මේක. ජංජාලේ තිබිල මට හම්බවුන එළකිරි හොටක් තමයි මේ  Google URL Shortener කියන්නේ. Google ඒකෙන් දුන්නොත් ඉතින් එලකිරි හොටක්ම තමයි. URL කියන්නේ Uniform Resource Locator කියන එකට කියල දන්නව ඇතිනේ? මේ හොටෙන් කරන්නේ දිගම දිග URL කොටම කොට URL කරන එකයි. පොඩි දෙයක් උනාට සැහෙන්න වටිනවා. Site වලට Reference එහෙම දානකොට ඕන වෙයි නේ? කරන්න තියෙන්නේ මෙච්චරයි, ඔයාගේ Google Account ගිණුමට Log වෙන්න. නැත්තම් එකක් හදාගන්න වෙනවා.Google Account එකක් නැති උනත් URL එ‍ක කොට කරලා දෙනවා හැබැයි ඒURL එක ආයිත් හොයන්න වත් හම්බවෙන්නේ නෑ. ඒනිසා Google Account එකක් තියෙන්නම ඕන. ඊට පස්සේ මෙතන කොටල හරි  http://goo.gl  මෙතනින

බළලුන්ලවා spam කොටමුද? - පළමු කෙටිම.

Image
අපේ ගොඩක් අය කරන්නේ ඉතිං බළල්ලුලවා කොස් ඇට බාවන එකනේ . එත් මම අද “බළලුන්ලවා spam කොටන්නේ කොහොමද ?” කියල ඔයාලට කොටන්නම් . තේරුනේ නැද්ද ? බොහොම සරලව කෙටුවොත් මේ කොටන්න යන්නේ හරිම ලේසියෙන් අනුන්ගේ නම විකුණල අනුන්ගේ නමින් අනුන්ගේ email address එකක් පාවිචිකරලා අපිව අහුවෙන්නේ නැතිව spam යවන හැටි . දෙන්නෙක් තුන්දෙනෙක් කොටවල ගම ගිනි තියන්න කියාපු ක්‍රමේ . ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ spam කියන්නේ කියල . හැක් කරන ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි මේ spam කොටන එක . ගොඩක් අය දන්නවත් ඇති මේගැන , නොදන්න අයට දැනගන්න මම මෙතන කොටන්නම්කෝ .spam කියන්නේ එකම email එකක්‌ එකම email ගිණුමකට නැවත නැවත් යැවීම , එකම  email එක email ගිණුම් කිහිපයකට යැවීම හා නැවත හරවා යැවීම හෝ මේ ක්‍රියා දෙකම එකවර සිදුකිරීම කියල සරලව කොටන්න පුළුවන් . දැන් බලනව ඇති අපේ email ගිණුමේ තියෙන cc හා bcc කියන අංග පාවිච්චි කිරීමත් spam ද ? කියල . බයවෙන්න එපා එක එහෙම නෙවෙයි . යහපත් අරමුණෙන් තමන්ගේ යාලුවන්ගේ ගිණුම් වලට email යැවීම spam කෙටීමක් වෙන්න නැ . spam කෙටීමෙන් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙ වෙළද ප්‍රවර්දන කටයුතු . ඒ වගේම හුදෙක් විනෝදයටත් sp

සිංහල කොටන්න අමාරුද? මෙන්න හොට

Image
සිංහල බ්ලොග් කොටන ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද ලේසියෙන් සිංහල කොටන්නෙ කියනඑක . ගොඩක් අය මේකට සිංග්‍රීසි පාවිච්චි කරනවා . ඒ කිවුවේ සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරලා කොටන එක . මටත් මේ ප්‍රශ්නය තිබුණා . මුලින්ම මම දාපු බෙහෙත තමයි සගරාවක තිබුන සිංහල අකුරු ටිකක් කපල කීබෝඩ් එකේ අලවපුඑක . ඒත් ටිකදවසක්‌ යනකොට ඒවා ගැලවිලා ගියා .  ඊට පස්සේ මට හම්බඋනා singreesi unicode කියල නියම සිංග්‍රීසි හොටක් . http://singreesi.vndv.com/ මෙතනින් ඒක බාගන්න පුළුවන් . මේක හදල තියෙන්නේ මොරටුව කැම්පස් එකේ හිටපු තමීරා ප්‍රියදර්ශි සේනානායක කියල කෙනෙක් . මේ හොට වැඩ කරන්නේ වින්ඩෝස් වල විතරයි . ඔයාලත් දාගෙන බලන්නකෝ . මට ටික දවසක් යනකොට මේ හොටත් එපා උනා . හේතුව තමයි මේකෙන් ලිනක්ස් වලදී කොටන්න බැරි ඒක .මම නිතරම පාවිච්චි කරන්නේ ලිනක්ස්නේ. දවසක් නංනත්තර වෙලා ජංජාලේ තටු ගහන අතරේ මට හම්බඋනා නියම හොටක් . හැබැයි මේක වැඩකරන්නේ online විතරයි . ඒ උනාට මේ හොට වින්ඩෝස් වලත් ලිනක්ස් වලත් හොදට වැඩකරනවා . http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html මේ පාරෙන් ගිහිල්ල හොට ගන්න පුළුවන් . මේ හොට